ලෝක ළමා සාහිත්‍යෙය් දිශානතිය වෙනස් කිරීමට ප්රබලවම දායක වූ ලේඛකයා වශයෙන් ඩොක්ටර් සුයෙස් හැඳින්වීම වරදක් නොවේ. 1904-1991 කාලයේ ජීවත් වූ ඩොක්ටර් සුයෙස්ගේ සැබෑ නම තියඩෝර් සෙයුස් ගියසෙල් වන අතර ඔහු ලේඛක නාමය ලෙස මුලදී භාවිත කළ ඩොක්ටර් සුයෙස් යන්න පසුකාලීනව ඔහුගේ නිත්‍ය නම බවට පත් විය. අද පවා ඔහු ලොව පුරා ළමා සාහිත්‍යට සම්බන්ධ නිර්මාණකරුවන්ට ආභාසය සපයන පුරෝගාමියෙකි.
ඔහුගේ පොත් තුළින් ඔහු කළ විප්ලවයන් කිහිපයකි. වඩාත් ආකර්ෂණීය අන්දමින් ළමා කෘති නිර්මාණය කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු විණි. එකල ඇමරිකාවේ පළවූ බොහොමයක් ළමා කෘති කිසිසේත්ම ළමාහිතකාමී නොවූ අතර ඒවායේ දරුවන්ගේ අවධානය හෝ ඇල්ම ඇති කළ හැකි ගුණාංගයන් අවම විණි. එහෙත් ඩොක්ට සෙයුස්ගේ කතා බොහෝ විට හාස්‍යෙයන් පිරුණු ඒවා විය.ඒවායේ ලියැවී ඇත්තේ ඉතා සරල බොළඳත්වයට ආසන්න වූ ළමුන්ට ගැලපෙන සිදුවීම්ය. එමෙන්ම ඔහුගේ පොත්වල ඔහු විසින්ම නිර්මාණය කළ අපූරු සිතුවම් පිරී ඇත. ඒවායේ චරිත නිර්මාණය වන්නේ ළමයින්ට වහා මතකයේ රැදෙන පරිදිය. උදාහරණයක් ලෙස ඔහුගේ කැට් ඉන්ද හැට් කෘතියේ ඇත්තේ දෙමව්පියන් නිවසේ නැති අතරතුර කුඩා දරුවන් දෙදෙනෙකු හා එක්ව දඟකාරකම්වල නියුතුවන බළලෙකු පිළිබඳවය.
මෙවන් තේමාවන් නිර්භයව ළමා සාහිත්‍යය වෙත හඳුන්වාදෙන්නට ඩොක්ටර් සෙයුස් සමත් වූ අතර ඒවා අතිශයින්ම ළමා හිතකාමී විය. අද පවා කැට් ඉන්ද හැට් වැඩිම අලෙවියක් ඇති ළමා කෘතියකි. ඔහු ලොව වැඩිම අලෙවියක් ඇති ලේඛකයන් නව දෙනා අතර සිටින අතර ඔහුගේ කෘතිවල පිටපත් මිලියන 500කට වඩා ලොව පුරා අලෙවි වී ඇති බව කියැවේ.
එමෙන්ම ඔහුගේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ සීමිත වදන් පෙළක් ඇසුරින් කතාන්දර නිර්මාණය කරන්නට ඔහු දැක්වූ විශේෂ සමත්කමයි. කියැවීමට හුරු වන මුල් අවධියේ දරුවන්ට ගැලපෙන සීමිත වචන මාලාවක් තුළින් රසවත් පොතක් ලිවිය හැකි බව ඔහු ඔප්පු කොට පෙන්වා දුන්නේය. සැබැවින්ම ඔහුට එම අභියෝගය ලබා දුන්නේ ඔහුගේ පොත් ප්‍රකාශකයා මෙන්ම ප්‍රකට ලේඛකයෙකුද වන බෙනට් (Bennett Cerf) විසිනි. ඉතා අසීරුවෙන් එම අභියෝගය ජය ගත් ඩොක්ටර් සෙයුස් ඉන් තම පෞද්ගලික සාර්ථකත්වය අත් කරගත්තා පමණක් නොව කිසිදාක යල්පැන නොයන ආකාරයේ පොත් පෙළක්ද නිර්මාණය කළේය. එම කෘතිවල අන්තර්ගතව ඇති නිර්මාණශීලී පද ගැලපීම් සහ සමාන ශබ්දැති පද ඕනෑම දරුවෙකුට කියැවීම රසවත් අත්දැකීමක් බවට පත්වෙයි.
ඔහුගේ කතාන්දර විවිධ භාෂාවන්ට නැගී ඇති අතර සිනමාව සහ රූපවාහිනිය වැනි විවිධ මාධ්‍යවලටද අනුවර්තනය වී ඇත.එමෙන්ම 1960න් ඇරඹි ඔහුගේ ළමා කෘති ලේඛන දිවිය තුළ හැටකට ආසන්න වන කෘති ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔහු සමත් වී ඇත.
ළමා සාහිත්‍යයට එළැඹීමට පෙර පුවත්පත් කාටූන් ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට කර්මාන්තයේද නියුතුව සිටි ඩොක්ටර් සෙයුස් කලක් යුධ සොල්දාදුවෙකු ලෙසින්ද සේවය කොට තිබේ. ඔහුගේ කෘති එලෙස ඔහු විවිධ ක්ෂේත්‍ර තුළින් එක් රැස් කරගත් අත්දැකීම් සහ දැනුම ඇසුරු කරගනිමින් නිර්මාණය වී ඇත. එබැවින් ළමයින්ට පමණක් නොව වැඩිහිටියන්ට දැනෙන තරම් හාස්‍යයක් එම කෘතිවල අන්තර්ගතය.
ඩොක්ටර් සෙයුස් ගැන ඇති අපූරු තොරතුරු බොහෝය. ඔහුගේ පළමු කෘතිය ප්‍රකාශකයන් විසි හත් දෙනෙකු අතින් ප්‍රතික්ෂේප වී තිබීම ඉන් එකක් පමණි.
0 Comments